සුඩානයේ රැඳී සිටි තම ජනතාවට දුන් සහාය සම්බන්ධයෙන් චීනයේ පකිස්ථාන තානාපතිවරයා චීනයට තුති පුදයි
2023-04-30 20:01:11
Share with:

පකිස්ථාන ජාතිකයන්ට සුඩානයෙන් ආරක්ෂිතව ඉවත් වීමට උපකාර කිරීම සම්බන්ධයෙන් චීනයේ පකිස්ථාන තානාපති Moin ul Haque මහතා චීන බලධාරීන්ට හෘදයංගම ස්තුතිය පළකරයි.  

චීනයේ පකිස්ථාන තානාපතිවරයා සහ චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Liu Jinsong මහතා අතර හමුවක් අද (30) පැවැත්විණ. සුඩානයේ සිටි පකිස්ථාන ජාතිකයන්ට චීනය ලබාදුන් සහය පිළිබඳව පකිස්ථාන තානාපතිවරයා තම රජය වෙනුවෙන්  හෘදයාංගම ස්තුතිය පළ කළේය.   

චීන පාර්ශ්වයේ සහාය ඇතිව සුඩානයේ සිටි පකිස්ථාන ජාතිකයෝ 200 කට වැඩි පිරිසක් චීන වාහන සහ යුද නෞකා මගින් ආරක්ෂිතව ඉවත් කරනු ලැබූහ. මේ සම්බන්ධයෙන් තම ගෞරවය පුදකරන බව පැවසූ  පකිස්ථාන තානාපතිවරයා තම රජය සහ ජනතාව වෙනුවෙන් චීන බලධාරීන්ට දැඩි කෘතඥතාව පළ කරන බව ද කියාසිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම