චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයේ ආරක්ෂක මණ්ඩල නියෝජිත දෙපළක් අතර හමුවක් පැවැත්වේ.
2023-04-30 15:44:22
Share with:

ආරක්ෂක මණ්ඩල ප්‍රතිසංස්කරණ පිළිබඳ අන්තර් රාජ්‍ය සාකච්ඡා යාන්ත්‍රණයේ සම සභාපතිවරුන් වන කුවේටයේ නිත්‍ය නියෝජිත Tareq M. A. M. AlBanai සහ ඔස්ට්‍රියාවේ නිත්‍ය නියෝජිත Alexander Marschik යන මහත්වරු ඊයේ (29) බෙයිජිං අගනුවර පැවති එම රැස්වීමට එක්වූහ.

සාධාරණ මෙන්ම  යුක්ති සහගත ලෙස ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංස්කරණය කළ යුතු අතර, එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය සහ හඬ පුළුල් කළ යුතු බවත් වං යී මහතා මෙහිදී පැවසීය. ආරක්ෂක මණ්ඩලයේ තීරණ ගැනීමේ දී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට සහභාගි වීමට අවස්ථාව ලබා දිය යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි. එසේම, අනිසි මැදිහත්වීම් පිටුදැකීමටත්,  ආරක්ෂක මණ්ඩල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජාත්‍යන්තර ප්‍රජාවගේ පුළුල් පිළිගැනීමක් හිමිකර ගැනීමටත් සම සභාපතිවරුන් අදාළ සියලු පාර්ශ්වයන්ට මගපෙන්වනු ඇතැයි වං යී මහතා අපේක්ෂා පළ කළේය.

එක්සත් ජාතීන්ගේ කාර්යභාරය ශක්තිමත් කිරීම සඳහා චීනයේ කැපවීම අගය කළ ආරක්ෂක මණ්ඩල නියෝජිත දෙපළ චීනය සහ අනෙකුත් සාමාජික රටවල් සමඟ සන්නිවේදනය සහ උපදේශන ශක්තිමත් කිරීමට තමන්  සූදානමින් සිටින බව මෙහිදී කියාසිටියහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම