ගිවිසුම්ගත වී දින 45 ක් තුළ මෙහෙයුම් ඇරඹීමට සූදානම් - සිනොපෙක් සමාගම දැනුම් දෙයි
2023-04-29 16:25:11
Share with:

ගිවිසුම්ගත වී දින 45 ක් තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව, චීනයේ සිනොපෙක් සමාගමේ බලධාරීහු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට දැනුම් දෙති.

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයට එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීහු පිරිසක් තම මෙහෙයුම් කටයුතු පිළිබඳ අවශ්‍ය කරුණු සොයා බැලීම සඳහා පසුගිය දා මෙරටට පැමිණියහ. ඔවුන් ඇමැතිවරයා සමග පැවති හමුවේ දී ඉහත අදහස් පළ කර තිබේ. මැයි මාසයේ දී ගිවිසුම්ගත වීමටත්, ඉන් දින 45ක් ඇතුළත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමටත් එහිදී  තීරණය විය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම