චීනයේ මැයි දින නිවාඩු සමය දේශීය වෙළඳපොළ ප්‍රකෘතිමත් වීමේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරයි
2023-04-29 16:01:12
Share with:

අද (29) චීනයේ මැයි දින නිවාඩු සමයේ පළමු දිනයයි. චීන සංචාරක ඇකඩමියට අනුව, මෙවර මැයි දින නිවාඩු කාලය තුළ දේශීය  සංචාරක ගමන් සංඛ්‍යාව 2019 වසරේ පැවති මට්ටම ඉක්මවා ගොස් මිලියන 24 ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුරෝකථන දත්තවලට අනුව, 2020 වසරෙන් පසු හොඳම මැයි දින නිවාඩු දේශීය සංචාරක වෙළඳපොළ මෙවර නිර්මාණය වනු ඇත.  කොරොනා වසංගතය B මට්ටමට  පරිවර්තනය වීම සහ ඊට අදාළ කළමනාකරණයෙන් පසු සංචාරක වෙළඳපොළ ප්‍රකෘතිමත් වීමේ සහ කාර්මික පුනර්ජීවනයේ පළමු හැරවුම් ලක්ෂ්‍යය ද මෙය වන බව චීන සංචාරක ඇකඩමියේ සභාපති Dai Bin මහතා කියාසිටී. එසේම, මෙවර යුවාන් බිලියන 120 කට වඩා වැඩි සංචාරක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන අතර,  2019 වසරේ පැවති 83% ක මට්ටමට වඩා ඉහළ ප්‍රකෘතිමත්භාවයක් ඉන් අත්වනු ඇතැයි ද Dai Bin මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම