IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
2023-04-29 14:55:13
Share with:

ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්ද 95 කින් සම්මත වෙයි. මෙම ඡන්ද විමසුම ඊයේ (28) පවත්වනු ලැබීය.

යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක් හිමිවූ අතර, විරුද්ධව හිමිවූයේ ඡන්ද 25ක් පමණි. සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවාදය ආරම්භ වූයේ ඉකුත් 26 වනදා ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම