මැදපෙරදිග කලාපීය සහයෝගිතාව නවයුගයකට පිවිස ඇතැයි ඉරාන විදේශ අමාත්‍යවරයා කියාසිටී
2023-04-29 15:54:01
Share with:

 

මැදපෙරදිග කලාපීය සහයෝගිතාව නවයුගයකට පිවිස ඇති බව ඉරාන විදේශ අමාත්‍ය  Hossein Amir-Abdollahian මහතා පවසයි.

ලෙබනනයේ ඉරාන තානාපති කාර්යාලයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව පැවසීය.

චීනයේ සහාය යටතේ ඉරානය සහ සෞදි අරාබිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත්කිරීමේ එකඟතාවකට පැමිණ ඇත. එය එම රටවල් දෙකට පමණක් නොව සමස්ත මැදපෙරදිග කලාපයටම ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

නොබෝ දිනකින් ඉරානය සහ සෞදි අරාබිය එකිනෙකාගේ අගනගරවල තානාපති කාර්යාල නැවත විවෘත කරනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම