ඉතිහාසය අධ්‍යයනය සඳහා නව ආයතනයක් කඩිනමින් පිහිටුවන බව ජනපති කියයි
2023-04-29 14:39:33
Share with:

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රිකෝණය සමග විශ්වවිද්‍යාල හා රාජකීය ආසියාතික සංගමය සම්බන්ධ කරගනිමින් එම ආයතනය පිහිටුවන බවත්, අදාළ නීති කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

හෙතෙම මෙම අදහස් පළ කළේ මහවැලි කේන්ද්‍රයේ පැවති රාජකීය ආසියාතික සංගමයේ 178 වන සැමරුමට එක්වෙමිනි. එම සංගමයේ ප්‍රකාශන කිහිපයක මුල් කෘති මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනමනු ලැබීය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම