චීන මහජන ආර්ථික ප්‍රතිපත්ති තුළින් සමස්ත ලෝකයටම සාධනීය බලපෑම් --- කොස්ටාරිකානු ජනපති
2023-04-29 18:56:56
Share with:

2007 වසරේ, චීනය කොස්ටරිකාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපනය කළේ ය. එතැන් සිට, ‘සන්ධිස්ථානගත’ කරුණු රැසක් නිර්මාණය වී තිබේ. 21 වැනි සියවසේ චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පමණක් නොව, උපායමාර්ගික හවුල්කාරීත්වය ද ස්ථාපිත කළ ප්‍රථම මධ්‍යම ඇමරිකානු රට කොස්ටරිකාව යි. එසේ ම, චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම් පැකේජයට එළඹුණු ප්‍රථම මධ්‍යම ඇමරිකානු රට ද එයම වීම විශේෂත්වයකි.  2018 වසරේ සැප්තැම්බර් මාසයේ, දෙරට ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව, සෑම වසරකම පළමුවැනි දා ‘ චීන සංස්කෘතික දිනය ’ ලෙස නම් කෙරිණ.  2019 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙය ප්‍රකාශයට පත්කරනු ලැබීය. ලතින්-ඇමරිකානු කලාපයේ නෛතික පිළිගැනීමක් සහිතව එම දිනය ප්‍රකාශයට පත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මේ අතර, 2013 වසරේ මැයි මාසයේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට නිල සංචාරයකට එක්විය. දෙරට මිතුදම හා සහයෝගිතාව උදෙසා වන නව කාල පරිච්ඡේදයක් ඉන් ආරම්භ කෙරිණ.

කොස්ටරිකානු ජනාධිපති Rodrigo Chaves Robles මහතා පසුගිය දා චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක්විය. දෙරට සබඳතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ, එකම චීනය යන මූලධර්මය තම රට පිළිගන්නා බවයි. මෙය පදනම් ව දෙරට සබඳතාව මනා ප්‍රගතීන් අත්කර ගනිමින් සිටී. චීනය සමග කොස්ටරිකාව නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තබා ඇත. කුඩා රටක් වන තම රටට චීනය ආකර්ෂණීය වෙළඳපොළක් වන බව ද Rodrigo Chaves Robles මහතා පැවසීය.

ෂී ජින් පිං ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම ද කොස්ටරිකානු ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්විය. ගෝලීය ආරක්ෂාව හා සාමය  නිසි අයුරින් සහතික කිරීම ෂී ජින් පිං මහතාගේ අපේක්ෂාව බව ද හෙතෙම කියා සිටී. එම සංකල්පය අගය කරන හෙතෙම, සමෘද්ධිය, සංවර්ධනය හා ආරක්ෂාව සාක්ෂාත් කරගැනීම තුළින් වඩාත් සුබවාදී ජීවිතයක් හිමි කරගත හැකිවෙතැයි විශ්වාසය පළ කරයි.

එසේ ම, චීන කොමියුනිස්ට් පක්ෂයට තම ගරුත්වය පළ කළ කෝස්ටරිකානු ජනාධිපතිවරයා, දිළිඳුකම පිටුදැකීමට සමත් වීම සම්බන්ධයෙන් චීනයට සුබ පැතීය. චීනය, ඉතිහාසය හා ජාත්‍යන්තර සබඳතාව උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. චීනයේ මහජන ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි තමා අවධානය යොමුකරන බව ද ඔහු පැවසීය. චීනයට පමණක් නොව, තම රට ඇතුළු සමස්ත ලෝකයට ද එමගින් සාධනීය බලපෑමක් එල්ල වන බව ද කෝස්ටරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම