විරුවන් සහ දිවි පිදූවන් උදෙසා වන නීතිමය සුරක්ෂිත භාවය තහවුරු කෙරේ
2023-04-29 15:27:09
Share with:

විරුවන් සහ දිවි පිදූවන් ආරක්ෂා කිරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ පස්වන සංවත්සරය මේ වසරේ මැයි පළමුවැනිදා ට යෙදෙයි. චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නීති කටයුතු පිළිබඳ කොමිසම ගත වූ  වසර පහ තුළ විරුවන් සහ දිවි පිදූවන් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම සහ එහි ජයග්‍රහණ ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඊයේ (28) පැවැත්වීය.

විරුවන් සහ දිවි පිදූවන් සුරැකීමේ නීතිය වසර පහක් තිස්සේ විධිමත් ව ක්‍රියාවට නැංවීමෙන් යහපත් සමාජ ප්‍රතිඵල අත් වී තිබේ. ජාතික සහ ප්‍රාදේශීය නීති සම්පාදනය තුළින් විරුවන් සහ දිවි පිදූවන් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් නෛතික සහතිකයක් සහ ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශනයක් ද සැපයී ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම