ලෝක සාමය හා සංවර්ධනයට හිතකර හැසිරීමක් අදාළ රටවලින් අපේක්ෂා කරන බව චීනය කියයි
2023-04-28 18:50:49
Share with:

එකම වරද යළි සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවත්, අදාළ රටවල් ලෝක සාමයට හා සංවර්ධනයට හිතකර අයුරින් හැසිරෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළා ය.

දකුණු කොරියානු ජනාධිපති Yoon Seok-Youl මහතා ඇමරිකානු කොංග්‍රසයේ දී පැවැත්වූ දේශනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mao Ning මහත්මිය පැවසුවේ, ඇමරිකාවට එරෙහිව උතුරු කොරියාවට ආධාර ලබාදීමේ යුද්ධයෙන් චීනය ලැබූ දැවැන්ත ජයග්‍රහණය චීනයටත් ලෝකයටත් අතිශය වැදගත් බවයි. යම්කිසි රටක් ඓතිහාසික ප්‍රවණතාවට පටහැණි ව, දාමරිකභාවයෙන් යුතුව දුබලයන් පෙළමින් ආක්‍රමණ සිදුකරන්නේ නම් ඉන් ඔවුන්ට ද අනිවාර්යයෙන්ම ප්‍රබල හානි සිදුවීම නියත බව ප්‍රකාශිකාව එහිදී අවධාරණය කළාය. වානේ මෙන් සවිමත් ලෝක සත්‍යය තුළින් පිළිබිඹු කෙරෙන්නේ එයම බව ද ඇය කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම