බයිඩන් කෙරේ පක්ෂපාතීත්වය 37% දක්වා පහත වැටී ඇති බව ජනමත විමසුමක් හෙළි කරයි
2023-04-28 11:12:44
Share with:

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පක්ෂපාත අනුපාතය සියයට 37ක් දක්වා පහත ගොස් තිබේ. අදාළ ජන මත විමසුම Gallup ජනමත විමසුම් ආයතනය විසින් සිදු කෙරුණේ බයිඩන් මෙහෙයැවූ ඊළඟ ජනපතිවරණය ජය ගැනීමේ මෙහෙයුම් තුළදීය. ඒ අනුව සියයට 37ක ඇමරිකානු වැඩිහිටියන් බයිඩන් ජනාධිපතිවරයාගේ කල්ක්‍රියාව පිළි ගත් අතර එය වසර 2022 කේ ජූලි මාසයෙන් අනතුරුව වාර්තා වූ අඩුම අගයයි. සියයට 59ක් ඔහුගේ කල්ක්‍රියාව කෙරේ අතෘප්තිමත්භාවය පළ කර ඇත.  මේ අතර බයිඩන්ගේ පක්ෂපාත අනුපාතය පහල යාම, ඇමරිකානුවන් ආර්ථිකය කෙරේ දක්වන අදහසට සම්බන්ධ වන බව එම ජනමත විමසුමෙන් පෙනී යයි. ජන මත විමසුමට එක්වූ සියයට 75ක පිරිසක් රටේ ආර්ථිකය පිරිහීමට ලක්වෙමින් පවතින බව අදහස් පළ කරයි.

වෙනත් වාර්තාවකට අනුව, වසර 2023නේ පළමු කාර්තුවේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සියයට 2කින් ඉහළ යන බවට මීට පෙර අනාවැකි පළ කර තිබුණ ද, එය 1.1කින් වැඩි වන බවට ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ඊයේ(27) නැවතත් අනාවැකියක් පළ කර ඇත. පසුගිය වසරේ හතරවැනි කාර්තුවේ වාර්තා වූ සියයට 2.6ක් යන අගයට සාපේක්ෂව එම අගය කැපී පෙනෙන අඩුවීමකි. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම