එක්සත් ජාතීන්ගේ 4වැනි ලෝක දත්ත සංසදය “හන් චෞ ප්‍රකාශනය”එළි දකී
2023-04-28 10:29:09
Share with:

එක්සත් ජාතීන්ගේ 4වැනි ලෝක දත්ත සංසදය ඊයේ (27) චීනයේ හන් චෞ නුවරදී අවසන් විය. එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය වඩාත් ඉදිරියට ගෙන යාමේ අරමුණින් “හන් චෞ ප්‍රකාශනය” එම සංසදයේ දී නිකුත් කෙරිණ.

තිරසර සංවර්ධන ඉලක්ක කඩිනමින් සාක්ෂාත් කිරීම හා විවිධ අර්බුදවලට මුහුණ දීම සඳහා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව කාලෝචිත හා විවෘත ව දත්ත නිකුත් කිරීම තීරණාත්මක වන බව “හන් චෞ ප්‍රකාශනය” පෙන්වා දෙයි. එම ප්‍රකාශනය දත්තවල ඵලදායීතාව අවධාරණය කර ඇත. එනම් දත්ත බෙදා ගත හැකි සහ නැවත භාවිත කළ හැකි විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අංශය සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම