“ඔහු අපේ චාරිත්‍ර දන්නවා”
2023-04-28 11:29:01
Share with:

උතුරු චීනයේ පිහිටි ඇතුළු මොන්ගෝලියානු ස්වයාත්තයේදී නාඩගම් ක්‍රීඩා සල්පිළ පැවැත්වීම නිත්‍ය සම්ප්‍රදායක්. නාඩගම් සල්පිළේ ප්‍රධාන අංගයක් වන්නේ මල්ලවපොර යි. එය සාම්ප්‍රදායික මොන්ගෝලියානු ක්‍රීඩා විශේෂයක් මෙන්ම චීනයේ ජාතික අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක්.

54 හැවිරිදි Colmon, එඬේර ප්‍රදේශයක ඉපදුණු ප්‍රසිද්ධ මල්ලවපොර ක්‍රීඩකයෙක්. 2014 වසරේ ශීත ඍතු නාඩගම් සල්පිළ නිරීක්ෂණය කිරීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැමිණියා. හෙතෙම සාම්ප්‍රදායික මොන්ගෝලියානු ජාතික නිවසකට ඇතුළු වූ අවස්ථාවේදී එඬේරුන්ට මොන්ගෝලියානු භාෂාවෙන් පැවසූ පළමු වාක්‍යය වූ "ආයුබෝවන්" යන්න, Colmonට අමතක කළ නොහැකි  මතකයයි.

එදා පැවති ආශිර්වාද මහෝත්සවයේදී ෂී ජින්පිං මහතා රිදී බඳුනකින් නැවුම් කිරි රැගෙන මොන්ගෝලියානු චාරිත්‍රයට අනුව තම මුදු ඇඟිල්ලෙන් ගිල්වා තෙවරක් ඉහිරණු ලැබුවා. මෙයින් අදහස් වන්නේ, ඉදිරි වසර තුළ නිරෝගී හා සතුට බව ප්‍රාර්ථනා කිරීමයි. Colmon සහ එඬේරුන්ගේ සිත් සසල කළේ ජනාධිපතිවරයා ඔවුන්ගේ ජාතික චාරිත්‍ර දැන සිටි නිසායි.

එම අවස්ථාවේදී ෂී ජින්පිං මහතා Colmon සමඟ සුහදව අදහස් හුවමාරු කළා. ප්‍රාදේශීය පොදු මාර්ග පහසුකම් හොඳද? නිවසේ විදුලි බලය තිබෙනවා ද? ළමයින්ට පාසල් යෑමට අපහසුද යන්න පිළිබඳව ඔහු සැලකිලිමත් වුණා.

වර්තමානයේ තෘණ බිම් ප්‍රදේශයේ ජීවිතය යහපත් මට්ටමකට පැමිණ තිබෙනවා. Colmon ගේ ගොවිපළේ ගවයන් සහ බැටළුවන් සඳහා බුද්ධිමත් ආහාර සපයන පද්ධතියක් සවි කර තිබෙනවා. පහසුවෙන් ගවයන් හා බැටළුවන් ඇති කර ගන්න පුළුවන්කමක් ලැබූ ඔහුට තම ආදරණීය මල්ලවපොර ක්‍රීඩාව දිගට ම කර ගෙන යන්නත් පහසු වුණා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම