පුර නැඟුමට උර දුන් ජනපති
2023-04-28 14:51:58
Share with:

       

        නගරයේ රැකියාවට පැමිණි Fan Yong ගොවියාගේ නිවසේ විශේෂ පාසැල් බෑගයක් තිබේ. නිතරම අල්මාරියෙන් ඒ පාසැල් බෑගය පිටතට ගෙන බැලීම දියණිය Fang Jingjing ගේ පුරුද්දකි.

        මීට වසර 10කට‍ පෙර එනම් 2013 වසරේ සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්දට ඔන්න මෙන්න කියා තිබියදී චීනයේ උත්තරීතර නායකයා වන ෂී ජින් පිං මහතා බෙයිජිං නුවර 8වැනි උමං දුම්රිය මාර්ගය ඉදි කළ ස්ථානයට ගියේ ය. හෙතෙම උත්සව සමය සමරන්න ගම්බිම් බලා ‍නොගොස් රාජකාරියේ එල්බ සිටි එහි සේවකයන්ගේ සුව දුක් සොයා බැලීය. Fan Yong එම සේවකයන් අතර සිටියේ ය. අලුත් අවුරුද්ද එකට ගත කිරීමට ඔහුගේ බිරිඳ හා දියණිය උපන් ගමේ සිට බෙයිජිං නුවරට පැමිණියහ.

         Fan Yong බිරිඳ හා දියණිය සමග සිටි පුංචි තාවකාලික නිවසේදී ෂී ජින් පිං මහතා ඔහුගේ සුව දුක් විමසුවේ ඉතා සැලකිල්ලෙනි. හෙතෙම Fan Yong ගේ 6 හැවිරිදි දියණියට තිළිණයක් වශයෙන් ලා රතු පාට පාසැල් බෑගයක් ලබා දුන්නේ ය. එම පාසැල් බෑගය පාට පෑන් , පැන්සල් බෑගයක්, නෝට් පෑඩ් හා කතන්දර පොත් වලින් පිරී තිබිණ. බෙයිජිං හි තහනම්පුරය බලන්න යන්නැයි සමු ගැනීමට පෙර ෂී ජින් පිං මහතා Fan Yong ට යෝජනා කළේ ය. ඒ, Fan Yong ගේ බිරිඳ හා දියණිය දුර සිට බෙයිජිං නුවරට පැමිණීම විරල අවස්ථාවක් නිසාවෙනි. Fan Yong බිරිඳ හා දියණිය සමග තහනම්පුරයට ගියහ. එපමණක් නොව ඔවුහු චීන මහ ප්‍රාකාරය, ටියෙන් අන් මෙන් චතුරශ්‍රය හා ගිම්හාන මාළිගාව ඇතුළු ස්ථානවල ද සංචාරය කළහ.

          වසර 10ක් ගෙවී ගොසින් ය. ස්වොත්සාහයෙන් Fan Yong ගේ පවුල ගත කර සිටින්නේ පෙරට වඩා සතුටුදායක ජීවිතයකි. බෙයිජිං නුවර පෙරටත් වඩා සුන්දර මුහුණවරක් ගෙන තිබේ. තහනම්පුරය වැනි පැරණි ගෘහ නිර්මාණවල සිට උමං දුම්රිය ඇතුළු නවීණ ඉදිකිරීම් දක්වා ආවරණය වන බෙයිජිං නුවර සුන්දරත්වයට Fan Yong වැනි දහස් ගණන් ශ්‍රමිකයන්ගේ කැපවීම් හා දායක වීම් උර දෙන බව නොකිව මනා ය.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම