ජපානය විසින් චීනයේ අත්හැර දමනු ලැබූ රසායනික අවි වහා ඉවත් කරන්නැයි චීනයෙන් දැඩි ඉල්ලීම්
2023-04-28 19:31:27
Share with:

ජපානය විසින් චීනයේ අත්හැර දමනු ලැබූ රසායනික අවි වහා ඉවත් කරන ලෙස චීනය ජපන් පාර්ශ්වයෙන් තරයේ ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

මෙම රසායනික අවි පිළිබඳ ගැටළුව චීනය හා ජපානය අතර ප්‍රධාන ඓතිහාසික ගැටළුවකි. නියමිත කාල සීමාව තුළ ජපානය එම අවි සම්පූර්ණයෙන් විනාශ නොකළ බැවින්, රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය හෙවත් OPCW සංවිධානයෙහි 101 වැනි විධායක සභාව, 2022 න් පසු චීනය සහ ජපානය විසින් ඉදිරිපත් කරන ලද එම අවි විනාශ කිරීමේ සැලැස්ම සම්මත කළේය. ඒ අනුව, ජපානය 2027 වසර අවසානයට පෙර, Harbaling ඇතුළු ප්‍රදේශවල තමන් අත්හැර දැමූ රසායනික අවි සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුය.

මෙම රසායනික අවි ඉවත් කිරීම ජපානයේ ඓතිහාසික, දේශපාලනික මෙන්ම නීතිමය වගකීමකි. චීනයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය කෙරෙහි නිසි සැලකිල්ල යොමුකොට එය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම