දකුණු චීන මුහුද ප්‍රදේශයේ ඇමරිකානු යුද සැලසුම කලාපීය ආතතීන් ඉහළ නැංවීමක්
2023-04-28 11:28:11
Share with:

දකුණු චීන මුහුද ප්‍රදේශයේ යුද සැලසුම ඇමරිකාව අඛණ්ඩව තහවුරු කිරීමෙන් ප්‍රාදේශීය නොසන්සුන් තත්ත්වය ඉහළ නංවා ඇති බව චීනය පවසයි. 

චීන ජාතිකාරක්ෂක අමාතංශයේ ප්‍රකාශක Tan Kefei මහතා ඊයේ (27) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. වර්තමානයේ දකුණු චීන මුහුද ප්‍රදේශයේ යුද සැලසුම ඇමරිකාව අඛණ්ඩව තහවුරු කරමින් ප්‍රාදේශීය නොසන්සුන් තත්ත්වය ඉහළ නංවා ඇති අතර අදාළ ප්‍රදේශයේ රටවල අවධානය ඒ සඳහා ඉහළින් යොමු කළ යුතු බව හෙතෙම පැවසීය. 

චීනය දකුණු චීන මුහුද ආශ්‍රිත දූපත් වල යටිතල පහසුකම් ඉදිකිරීම හා අවශ්‍ය ආරක්ෂිත ශක්තිය සැලසුම් කිරීම, ජාතික ස්වාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමකි. එය සම්පූර්ණයෙන් නීත්‍යානුකූල වන බවත් වෙනත් රටවලට ඊට මැඳිහත්වීමේ අයිතිය හිමි නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. ඇමරිකාව පිලිපීනයේ නව යුද කඳවුර භූමිය භාවිත කිරීම කෙරෙහි චීනය බොහෝ අවස්ථාවල දැඩි සැලකිල්ලක් දක්වා තිබේ.චීන යුද හමුදාව සැම විටම රටේ ස්වාධිපත්‍යය ,භෞමික අඛණ්ඩතාව හා සාගර අයිතිවාසිකම් ස්ථිර ලෙස ආරක්ෂා කරමින් දකුණු චීන මුහුද ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සහතික කරනු ඇතැයි Tan Kefei මහතා පෙන්වා දුන්නේය.    

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම