චීන අග්‍රාමාත්‍යවරයා හා ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා අතර හමුවක්
2023-04-28 09:45:28
Share with:

චීන අග්‍රාමාත්‍යවරයා හා ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා හමු වේ.

චීනය මුල සිට ම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂාව ඉහළින් අගය කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඊයේ(27) පැවති එම හමුවේදී පැවසීය. චීනය, ජාත්‍යන්තර බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පද්ධතියේ සක්‍රීය ගොඩනැ‍ඟෙන්නෙක්, එහි වැදගත් කැපවෙන්නෙක්, එය ස්ථිරව රැක ගන්නෙකි. කෘත්‍රිම බුද්ධිය හා ‘Internet of Things’(සියළු දේ අන්තර්ජාලයෙන්) ඇතුළු නව තාක්ෂණ හා ඩිජිටල් ආර්ථික වර්ධනය සමග බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සුරැකීම බොහෝ නව අභියෝග හා ප්‍රශ්න වලට මුහුණ දෙයි. ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය සමග සහයෝගිතා ශක්තිමත් කරමින් ඒකාබද්ධව එම ප්‍රශ්න හා අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී ච්‍යං මහතා අවධාරණය කළේය.

ගෙවී ගිය වසර 50 තුළ බුද්ධිමය දේපළ අයිතිවාසිකම අතින් චීනය ඓතිහාසික ජයග්‍රහණය හා ප්‍රගතිය ලබා ගෙන ඇති බව ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානයේ ප්‍රධාන ලේකම් Daren Tang මහතා එහිදී කීය. වර්තමානයේ ගෝලීය නිර්මාණශීලි දර්ශකයේ චීනය 11 වැනි ස්ථානය ගනී. චීනය ගන්නා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උපාය මාර්ගය මනා නිදසුනක් ලෙස සැලකිය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම