ජාත්‍යන්තර පැසසුම් ලබන චීනයේ ‘Tanyanggongfu’ කළු තේ
2023-04-28 14:30:03
Share with:

ඓතිහාසික වශයෙන් චීනයේ සුප්‍රකට තේ වර්ගයක් වන Tanyang Gongfu කළු තේ වල තිඹිරිගෙය වන්නේ චීනයේ Fujian පළාතේ Tanyang ගම්මානයයි. එහි ඇති තේ වතුවල වපසරිය වර්ග කිලෝමීටර් 3.27 ක්. ගම්මානය සතු  තේ සන්නාම වටිනාකම යුවාන් බිලියන 5 ක් වීම විශේෂත්වයක්.

Tanyang Gongfu කළු තේ 1915 වසරේ Panama පැසිෆික් ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. එකල යුරෝපයේ ඉහළම ජනප්‍රියත්වය හිමි පානය බවට Tanyang Gongfu කළු තේ පත්වුණා.

චීනයේ උත්තරීතර නායක ෂී ජින් පිං මහතා තේ සංස්කෘතියේ අඛණ්ඩ පැවැත්ම ඉහළින් සලකනවා. බොහෝ රාජ්‍යතාන්ත්‍රික අවස්ථාවල දී හෙතෙම තේ පිළිබඳ කරුණු මුල්කරගනිමින් අවධානයට ලක්වූ අදහස් දක්වා තිබෙනවා. Fujian පළාතේ රාජකාරි කළ සමයේ දී, ෂී ජින් පිං මහතා සිවු වතාවක් Tanyang ගම්මානය නිරීක්ෂණය කළා. ‘ Tanyanggongfu තේ සන්නාමය ඉහළින් සලකා එහි නිසි පැවැත්ම සංරක්ෂණය කළ යුතුයි. මෙය දෙස්-විදෙස් වශයෙන් ඉහළ ජනප්‍රිය තලයට රැගෙන යා යුතුයි ’ යනුවෙන් ඔහු පැවසුවා.

ගතවූ දශක 3කට වැඩි කාලයක් තුළ, ‘Tanyanggongfu’ තේ දෙස්-විදෙස් ප්‍රදර්ශනවලට එක්කෙරුණා. 2013 වසරේ, මේ තේ වර්ගය යළිත් වරක් Panama ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ රන් සම්මානයට හිමිකම් කීම සුවිශේෂ කරුණක්.



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම