රුසියාවේ ඛනිජ තෙල් හා එම නිෂ්පාදන යුරෝපයට අපනයනය මෙම වසරේ 60% කින් පමණ පහත වැටෙනු ඇත
2023-04-28 08:58:27
Share with:

රුසියාවේ ඛනිජ තෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන යුරෝපයට අපනයනය මෙම වසරේ 60% කින් පමණ පහත වැටෙනු ඇතැයි රුසියානු නියෝජ්‍ය අගමැති Alexander Novak මහතා ඊයේ (27) පැවසීය.

පසුගිය වසරේ රුසියාව, යුරෝපයට සැපයීමට මුලින් සැලසුම් කර තිබූ ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ටොන් මිලියන 40ක් පමණ ආසියාවට හරවා යැවූ අතර අවසානයේ ටොන් මිලියන 220ක් යුරෝපයට අපනයනය කළේය. මෙම වසරේදී, රුසියාව ඛනිජ තෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන ටොන් මිලියන 80 - 90ක් යුරෝපයට අපනයනය කරනු ඇති අතර, යුරෝපයට මුලින් නියම කළ ඉතිරි ටොන් මිලියන 140 ආසියාවට අපනයනය කරනු ඇත.

Alexander Novak මහතාගේ අනාවැකියට අනුව, මෙම වසරේ රුසියාවේ සමස්ත තෙල් හා ඝනීභවනය කරන ලද ගෑස් නිෂ්පාදනය ටොන් මිලියන 515 ක් වනු ඇති අතර එය පසුගිය වසරට වඩා ටොන් මිලියන 20 ක පහත වැටීමකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම