හම්බන්තොට වරාය ලෝක මට්ටමේ විස්තීර්ණ වරායක් බවට පත්කිරීමේ සූදානමක්
2023-04-28 15:58:01
Share with:

චයිනා මර්චන්ට් සමාගම් සමූහය, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් දකුණු ආසියානු කලාපය තුළ තවදුරටත් ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මියාඕ ජියැන්මින් මහතා පවසයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සොයාබැලීමේ සංචාරයකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය සහකරු වන චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම රටවල් සහ කලාප 25 ක් පුරා වරාය 42 ක ජාලයක් සමග දකුණු ආසියාව, අප්‍රිකාව, මධ්‍යධරණී සහ දකුණු අමෙරිකානු කලාපය තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යයි.

සැපයුම් දාම අඛණ්ඩව වැඩිදියුණු කරමින් ලෝක මට්ටමේ විස්තීර්ණ වරායක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය ගොඩනැගීම චයිනා මර්චන්ට් සමාගම් සමූහයේ අභිප්‍රාය වී ඇති බව ද සභාපතිවරයා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම