විවිධ රටවල ජනතාව සුඩානයෙන් ඉවත් කරගැනීමට චීනයේ සහාය
2023-04-28 15:23:54
Share with:

සුඩානයේ සිටින විවිධ රටවල ජනතාව එරටින් ඉවත් කරගැනීමට චීනයේ සහාය පළ වේ.

පසුගිය දිනවල සිට චීන විදේශ අමාත්‍යාංශය, සුඩානයේ හා ආශ්‍රිත රටවල චීන තානාපති කාර්යාල හා කවුන්සල් කාර්යාල සුඩානයේ සිටින චීන ජාතිකයන් ඉවත් කරගැනීම සඳහා උත්සාහ දරමින් සිටී. ඒකාබද්ධ ප්‍රයත්න මගින් එරට සිටින චීන ජාතිකයන් විශාල පිරිසක් සුරක්ෂිත අයුරින් දේශ සීමා මායිම් ආශ්‍රිත වරායන් වෙත හා අසල්වැසි රටවලට යැවීමට ද හැකිව තිබේ.

මේ වන විට, චීන ජාතිකයන් 1300 කට වැඩි පිරිසක් ආරක්ෂිතව ඉවත් කර තිබෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් ආරක්ෂණ මධ්‍යස්ථානය හෙළිදරව් කළේය. මෙම ඉවත් කිරීමේ මෙහෙයුමේ දී චීනය පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පයෙන් යුතුව සුඩානයේ සිටින වෙනත් රටවල ජනතාව ඉවත් කිරීමට ද ක්‍රියාකාරීව සහාය දක්වා තිබේ. මේ වන විට චීනයේ සහායෙන් රටවල් 5 ක ජනතාව චීන නෞකා මගින් එරටින් ඉවත් කරනු ලැබ ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම