චීනයෙන් නව බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්
2023-04-28 13:59:06
Share with:

දෛනිකව බොරතෙල් ටොන් 04 ක් පිරිපහදු කළ හැකි නව පිරිපහදු මධ්‍යස්ථානයක්, චීන ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපනය කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

ඊයේ (27) පස්වරුවේ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව තානාපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

ඔහු පැවසුවේ මෙරට දැනට පවතින බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ දී ඉදිකරන ලද පැරණි එකක් වන බැවින් නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි. නව පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු රටේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් 150 ක් මෙරට කඩිනමින් විවෘත කිරීමට චීනය සැලසුම් කර ඇති බවත්,  මෙම වසරේ දී චීනය අමෙරිකානු ඩොලර් මිලියන 140 ක පමණ මුදලක්  ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරයා පවසයි. මෙරට තරුණ ප්‍රජාවට එම අයෝජන ඔස්සේ බිහිවන කර්මාන්තවලට එකතු වී වැඩකළ හැකි බව ද චීන තානාපති Qi Zhenhong මහතා වැඩිදුරටත් කියාසිටියේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම