නවයුගයේ චීන තරුණයන්ට චීන ජනපතිගෙන් උපදෙස්
2023-04-28 15:44:00
Share with:

 තරුණ කාලයේ උපරිම අයුරින් කැපවී පළමුවැන්නා වීමට උත්සාහ කළ යුතු බවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  නවයුගයේ චීන තරුණයන්ට උපදෙස් දෙයි.

ජනාධිපති ෂී ජින් පිං මහතා තරුණ කටයුතු ඉතා  වැදගත්කොට සලකන අතර, තරුණ පරම්පරාවේ වර්ධනය හා සාර්ථකත්වය කෙරෙහි සෑමවිටම අවධානය යොමුකරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයේ සිට, හෙතෙම සෑම වසරකම  මැයි 4 වැනිදාට යෙදෙන තරුණ දිනයේ දී තරුණ තරුණියන් හමුවී ඔවුන් සමග සාකච්ඡා කරයි. තම සිහින හඹායාම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කාලයට අනුව ජීවත්වීම සඳහා  ජනාධිපතිවරයා ඔවුන් දිරිමත් කරයි .

තරුණයන් දියුණු වූ විට රටක් සමෘද්ධිමත් වන අතර, තරුණයන් ශක්තිමත් වූ විට රට ද ශක්තිමත් වේ.

නව යුගයේ චීන තරුණ පිරිස, චීන ජාතියේ සංවර්ධනයේ හොඳම කාල පරිච්ඡේදය ගෙවමින් සිටිති. ජීවිතයේ විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමිව ඇති ඔවුන්ට විශාල වගකීමක් ද පැවරී ඇත.

ෂී ජින් පිං මහතා 2013 මැයි 4 වැනි දා සමාජයේ සෑම තරාතිරමකම කැපීපෙනෙන තරුණ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවක දී පෙන්වා දුන්නේ, අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය ගෙවමින් සිටින යෞවනයන් ඉගෙනීම පළමු කාර්යය ලෙස සැලකිය යුතු බවයි. එය වගකීමක්, අධ්‍යාත්මික ලුහුබැඳීමක් මෙන්ම ජීවන මාර්ගයක් ද වේ. සිහින උපදින්නේ ඉගෙනීම තුළිනි. වෘත්තීය හැකියා සාධනය මත රඳා පවතී. වෙහෙස මහන්සි වී ශිල්ප උගෙන තරුණ යාත්‍රාවේ ගාමක බලවේගය වීමට හැකිවේවා,  වර්ධන හැකියාව තරුණ සටන්වල ශක්තිය බවට පත්වේවා යනුවෙන් ජනාධිපතිවරයා එහිදී සුබ ප්‍රාර්ථනා කළේය.

තරුණයන්ගේ පරමාදර්ශ සහ විශ්වාසයන් රටේ අනාගතය හා සම්බන්ධ වේ. ඒවා රටක හා ජාතියක අනභිභවනීය ගාමක බලවේගයයි.

2022 මැයි 4 වැනිදා  තරුණ දිනය නිමිත්තෙන්, චීනරජය  නව යුගයේ චීන තරුණයන් පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කළේය. චීන ලක්‍ෂණ සහිත සමාජවාදී  නව යුගය තරුණ තරුණියන්ට බොහෝ දේ කළ හැකි මහා යුගයක් බව එමගින් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම