ගම්වැසියන් හා එක්ව රට ගොඩනැඟීමට කැපවීම
2023-04-28 10:31:25
Share with:

සීමෝලා, වසර පන්සියයක ඉතිහාසයක් ඇති පැරණි ගම්මානයක්. ඒ ගම්මානයේ ප්‍රධාන ජන කොට්ඨාසය ‘වා’ ජාතිකයන්. වා ජාතික භාෂාවෙන් ‘සීමෝලා’ යන වචනයෙන් සතුටුදායක ස්ථානය කියන අදහස එනවා. වා ජාතිය හැරෙන්නට, හන්, බයි, දායි ඇතුළු ජන වාර්ගික කණ්ඩායම් ද එහි වාසය කර තිබෙනවා.

වසර 2020 වසන්ත උත්සවයට පෙර කාලයේ චීනයේ උත්තරීතර නායක ෂී ජින්පිං මහතා  සීමෝලා ගම්මානයේ ලී ෆාශුන් ගම් වැසියාගේ නිවසට පැමිණියා.

ලී ෆාශුන්ගේ ආරාධනාවට, ෂී ජින්පිං මහතා වා ජාතික අලුත් අවුරුදු කෑම පිළියෙළ කිරීමට එක් වූයේ ඉමහත් උනන්දුවකින්. අනතුරුව ජනාධිපතිවරයා ඒ පවුලේ තත්ත්වය ගැන සැලකිලිමත්ව විමසුවා. ‘දැන් ජීවනෝපායට ඔයා මොන වගේ වැඩක් ද කරන්නේ?’ ‘දෙමව්පියන් සනීපෙන් ද? සෞඛ්‍ය සේවා පහසුකම් කොහොම ද?’ ‘දරුවන් දෙන්නාම අධ්‍යාපනය ලබමින් ඉන්නවා නේ ද? අධ්‍යයන ගාස්තුව කොහොම ද ?’ කියා ඔහු ඇහුවා.

ලී ෆාශුන්ගේ ලොකු දියණිය වන ලී ල්‍යන්හුවන්, එවිට පශ්චාත් උපාධිය පිළිබඳ අධ්‍යාපනය ලැබීමට විභාගයකට සූදානම් වෙමින් සිටි බව දැන ගත් ෂී ජින්පිං මහතා, ලී ල්‍යන්හුවන් හා ඇගේ කුඩා සොහොයුරාව දිරිමත් කළා. ‘ඔයාලාගේ පවුලේ දෛවය රටේ දෛවය හා දැඩිව සම්බන්ධ වෙලා තියෙනවා. අනාගතයේදී රටේ සංවර්ධනයට කැපවීමෙන් යුක්තව වැඩ කරන්න ඔයාල අධිෂ්ඨාන ඇති කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.’ කියා ඔහු දරුවන්ට කියා දුන්නා.

දැනට සීමෝලා ගම්මානය, ‘විශේෂිත ලක්ෂණ සහිත සංචාරක  ගම්මානය’ හා ‘ආදර්ශවත් ගම්මානය’ ලෙස ගොඩනගමින් පවතිනවා. පශ්චාත් උපාධිය පිළිබඳ අධ්‍යාපනය ලැබීමෙන් පසුව සිය පන්තියේ සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන් හා එක්ව ගම්මානයේ සංවර්ධනයට එක් වීම ලී ල්‍යන්හුවන්ගේ සැලැස්මයි. 

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම