වතුකරයේ ගැටලුවලට කඩිනම් විසඳුම් සඳහා ජනපතිගෙන් උපදෙස්
2023-04-28 14:10:41
Share with:

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ පා සිටින ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි. ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දුන්නේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටු සාමාජිකයන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව  වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

ඉඩම් ගැටලු ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුද සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බැලුණු අතර, දැනට විසඳුම් ලබාදෙමින් පවතින මහවැලි ඉඩම් ගැටළුව පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කෙරිණ. එමෙන්ම වැවිලි සමාගම්වල ක්‍රියාකාරිත්වය හා එම ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ද අවධානය යොමුවිය.    

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම