ඇන්ගෝලාවේ වර්ෂාවෙන් සිදුවූ ව්‍යසනය පිළිබඳව චීන ජනපතිගේ සංවේගය පළ වේ
2023-04-28 19:24:53
Share with:

ඇන්ගෝලාවේ ධාරානිපාත වර්ෂාවෙන් සිදුවූ ව්‍යසනය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශෝක පණිවුඩයක් යොමුකරයි. ඇන්ගෝලා ජනාධිපති Joao Lourenco මහතා වෙත ඊයේ (27) එම පණිවුඩය යොමු කරනු ලැබීය.

    එරට ලුආන්ඩා අගනුවර සහ තවත් බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාවෙන් විශාල ලෙස ජීවිත හානි සහ දේපළ හානි සිදුව ඇති බව දැනගත් තමා ඉතා සංවේගයට පත් වූ බව චීන ජනාධිපතිවරයා කියාසිටී. විපතට පත් පවුල්වලට, තුවාල ලැබූවන්ට සහ ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට චීන රජය සහ ජනතාව වෙනුවෙන් අවංක කනගාටුව පළකරන බව ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ පණිවුඩයෙහි දැක්වෙයි. ඇන්ගෝලා රජය  දුෂ්කරතා ජයගෙන ආපදාවෙන් විපතට පත් රට යළි ගොඩනඟනු ඇතැයි තමා විශ්වාස කරන බව ද  ෂී ජින් පිං මහතා පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම