චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif මහතා දුරකථන සංවාදයක නිරත වෙති.
“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඉදිරිපත් කර 10 වැනි සංවත්සරය හා චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතිය ආරම්භ කර 10 වන සංවත්සරය මෙම වසරේ යෙදෙන බව Li Qiang මහතා ඊයේ (27) දුර්කථනයෙන් පැවසීය. එම ව්‍යාපෘතිය “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ උසස් ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කිරීමේ ආදර්ශන ව්‍යාපෘතියක් බවට පත් කිරීමට දෙපාර්ශ්වය උත්සාහ කළ යුතු බව ද හෙතෙම කීය. පාකිස්ථානය සිය ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමටත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමටත් චීනය අඛණ්ඩව සහාය වන බව Li Qiang මහතා අවධාරණය කළේය.
දෙරට හොඳ සහෝදරයන් වන අතර, දෙරටේ ඉරණම් අතර සමීප සම්බන්ධතාවයක් පවතින බව Shehbaz Sharif මහතා සඳහක් කළේය. එකම චීනය මූලධර්මය ස්ථීරව අනුගමනය කරන පාකිස්ථානය, චීනයේ ප්‍රධාන ප්‍රතිලාභවලට සම්බන්ධ සියළු කටයුතුවලදී ස්ථීර ලෙස චීනයට සහාය වන අතර චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ උසස් මට්ටමේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය.