චීන කොමියුනිස්ට් පක්ෂය රටේ ආර්ථික කටයුතු විශ්ලේෂණය කරයි
2023-04-28 15:56:07
Share with:

වත්මන් ආර්ථික තත්ත්වය සහ ආර්ථික කටයුතු විශ්ලේෂණය කර අධ්‍යයනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය රැස්වීමක් පවත්වයි.

පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ජනාධිපති ෂී ජින් පිං මහතා අද (28) පැවති ‍එම රැස්වීමේ මුලසුන දැරීය.

චීන ආර්ථික ක්‍රියාකාරිත්වය මනා ආරම්භයක් ලබාගනිමින්, ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමක වඩා හොඳ තත්ත්වයක පවතින බව මෙහිදී ප්‍රකාශ කෙරිණ. වෙළෙඳපොළ ඉල්ලුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, ආර්ථික සංවර්ධනය ප්‍රකෘතිමත් වීමේ ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ද  එම රැස්වීම පවසයි.

ආර්ථික පරිවර්තනය සහ වැඩිදියුණු කිරීම් නව ප්‍රශ්නවලට මුහුණ දෙන අතර, උසස් තත්ත්වයේ සංවර්ධනය උදෙසා බොහෝ දුෂ්කරතා සහ අභියෝග ජයගත හැකි බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

වත්මන් ආර්ථිකයේ අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීමේ දී  ඉල්ලුම ප්‍රකෘතිමත් වීම සහ ප්‍රසාරණය වීම වැදගත් වන බව ද  රැස්වීමේ දී පෙන්වාදෙනු ලැබීය.

ප්‍රතිසංස්කරණ  සහ ඉහළ මට්ටමේ විවෘත කිරීම් පුළුල් කිරීමේ අවශ්‍යතාව මෙම රැස්වීම අවධාරණය කරයි. පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ සැලැස්ම හෘද සාක්ෂියට එකඟව ක්‍රියාත්මක කර, රටේ පාලන පද්ධතිය සහ පාලන හැකියාවන් නවීකරණය කළ යුතු බව ද මෙහිදී විග්‍රහ කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම