චීන ජනපති සහ රටේ ශ්‍රම බලකාය අතර පවතින සංවේදී බැඳීම
2023-04-28 16:45:18
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවල දී ශ්‍රමාභිමානය මෙන්ම වෘත්තීයමය ගුණධර්ම ඉහළ පැසසුමට ලක් කරමින්, තමන් වෙත පැවරෙන අරගලය සඳහා ශ්‍රම බලකාය  දිරිමත් කරනවා.

මෙම වසර ආරම්භයේ යෙදුණු චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්දට පෙර, ජනාධිපතිවරයා බෙයිජිං හි පිහිටි කෘෂි නිපැයුම් තොග වෙළඳපොළක සිටි වෙළඳුන් සමග වීඩියෝ ආකාරයෙන් සුහද පිළිසඳරක නිරත වුණා. ඔවුන්ගේ ගනුදෙනු පිළිබඳව විමසා බැලූ හෙතෙම, අලුත් අවුරුදු සමයේ දීත් තම සේවය වෙනුවෙන් කැප වූ  වෙළඳ ප්‍රජාවට ස්තුතිය හා ආචාරය පළ කළා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු, ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවල චීනයේ විවිධ ප්‍රදේශයන් හි නිල සංචාරවලට එක්ව තිබෙනවා. ගොවිබිම් වෙත ගොස් ගොවි ජනතාව සමග සුහද සංවාදවල නිරත වූ හෙතෙම, කම්හල් ද නිරීක්ෂණය කරමින් කම්කරුවන්ගෙන් නවෝත්පාදන පිළිබඳව විමසා බැලුවා. උත්සාහවන්ත මී මැස්සන් ලෙස භාණ්ඩ බෙදාහැරීමේ නිරත සේවකයන් ඇමතූ ජනාධිපතිවරයා ඔවුන්ගේ සේවය හා කැපවීම ද මහත් සේ අගය කළා. වීදි පවිත්‍ර කරන්නන් ‘නගර රූපලාවණ්‍ය ශිල්පීන්’ ලෙස හඳුන්වන ෂී ජින් පිං මහතා ඔවුන්ටත් තම හදවතේ ගෞරවය පළ කිරීම විශේෂත්වයක්.

යුගය කෙතරම් වෙනස් වුවත් රටේ ශ්‍රම බලකායේ ජීවගුණය මෙන්ම ශ්‍රමාභිමානය, චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රටේ විවිධ ජාතිකයන්ගේ අධිෂ්ඨානශීලී ඉදිරි ගමනට ප්‍රශස්ත ගාමක බලයක් බව ෂී ජින් පිං මහතා අවධාරණය කරනවා. එය අනාගතය උදෙසා මනා ව තහවුරු කළ යුතුයි. සුබ හෙට දිනයක් සඳහා නිරත නව ගමනේ දී උත්සාහවන්තව වැඩ කරමින් අරගලය තුළින් ඔපවත් වන ‘චීන සිහිනය’ රචනා කරන්නට එක්වන්නැයි චීන ජනාධිපතිවරයා ජනතාවට ඇරයුම් කරන්නේ ඔවුන් උණුසුම් ලෙස දිරිගන්වමින්.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම