RCEP ගිවිසුම යටතේ චීනය සම්භවය පිළිබඳ සහතික ලක්ෂ 2ක් නිකුත් කරයි
2023-04-27 11:05:54
Share with:

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය හෙවත් RCEP ගිවිසුම යටතේ නිෂ්පාදන සම්භවය පිළිබඳ සහතික පත්‍ර ලක්ෂ දෙකක් අනුමත කර ඇතැයි චීන වෙළඳ ප්‍රවර්ධන කමිටුව පවසයි. වසර 2022 ජනවාරි මාසයේ සිට මේ වසරේ මාර්තු මස දක්වා RCEP ගිවිසුම යටතේ නිෂ්පාදන සම්භවය පිළිබඳ සහතික පත්‍ර දෙලක්ෂ එක්දහස් හත්සියයක් අනුමත කර ඇති අතර ඒ අදාල අපනයන වටිනාකම ඇ.ඩො. බිලියන 8.4ක් වන බව චීන වෙළඳ ප්‍රවර්ධන කමිටුව ඊයේ(26) පැවැත්වූ මාධ්‍ය හමුවේදී විස්තර කෙරිණ. එමගින් චීන නිෂ්පාදිත, RCEP ගිවිසුමේ සාමාජික ආනයන රටවල්වල රේගු බදු ඇ.ඩො. කෝටි 12.6කින් අඩු කළ හැකි යැයි අපේක්ෂා කෙරෙන බව ද සඳහන් වේ. වසර 2022 ජනවාරි මස පළමුදා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම බලාත්මක වීමෙන් අනතුරුව නිෂ්පාදන සම්භවය පිළිබඳ සහතික පත්‍ර ක්‍රමය, ක්‍රමානුකූලව වැඩි ව්‍යාපාරයන්හි පිළිගැනීමට ලක් විය. ‍විදේශ වෙළඳාමෙහි නිරත චීන ව්‍යාපාර ඇණවුම් පත්‍ර ලබා ගැනීම හා වෙළඳපොල ගවේෂණය සඳහා එය ප්‍රායෝගික වාසි ගෙන දී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම