ජපානයේ ඔකිනාවා යළි යුද පිටියක් නොවිය යුතුය
2023-04-27 14:39:09
Share with:

ඊයේ(26) උදෑසන ජපානයේ ඔකිනාවා කෝරළයේ ස්වයං-ආරක්ෂක හමුදා සහ ආත්මාරක්ෂක බලකා රථ විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය වරායන් හා වීදිවලට පැමිණ ති‌‌බුණේ ජපාන රජය "Patriot-3" මිසයිල එහි ස්ථානගත කරන බව ප්‍රකාශ කළ බැවිනි. ජපාන රජය අවි ආයුධ පහසුකම්  අඛණ්ඩව පුළුල් කිරීම කලාපීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයක් බවට ප්‍රාදේශීය මාධ්‍ය විවේචන එල්ල කර ඇත.

"ඔකිනාවා නැවත යුද පිටියක් බවට පත්වීමට ඉඩ නොදෙන්න!" යන සාම ආයාචනය ඉදිරිපත් කිරීම සඳහා, පසුගිය 24, 25 දිනවල, ඔකිනාවා කෝරළයේ මන්ත්‍රීවරුන්ගේ නියෝජිත කණ්ඩායම, කෝරළ සභාව විසින් සම්මත කරන ලද සාමකාමී රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ යෝජනාවක් ආරක්ෂක අමාත්‍යාංශය, කැබිනට් මණ්ඩලය සහ ජපානයේ විදේශ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළේය. එම යෝජනාව ඔකිනාවා හි වැසියන් මිලියන 1.46 කගේ සාමූහික අභිලාෂයන් පිළිබිඹු කරන අතර, ජපානයේ සාම බලවේගයන්හි හඬ ද නියෝජනය කරයි.

මෑත වසරවලදී, ඇමරිකාව චීනය තම "වඩාත්ම වැදගත් තරඟකරුවා" ලෙස වැරදි ලෙස නිර්වචනය කර ඇති අතර, නේටෝ සංවිධානය ආසියා-පැසිෆික් කලාපීය කටයුතුවලට අඛණ්ඩව මැදිහත් වීමත් සමඟම ජපාන දක්ෂිණාංශික දේශපාලන බලවේගයේ අදහස වී ඇත්තේ ඔවුන්ට "සාම ව්‍යවස්ථාව" බිඳ දමා යුදවාදයට යළි පුනර්ජීවය ලබාදීමට අවස්ථාවක් හිමිව ඇති බවයි. එසේම ඔවුන්  "චීන තර්ජනයක්" පිළිබඳ අදහස අඛණ්ඩව උද්දීපනය කරමින් සහ ආරක්ෂක වියදම් විශාල වශයෙන් වැඩිකරමින්, පශ්චාත් දෙවැනි ලෝක යුද ජාත්‍යන්තර පර්යාය යටපත් කිරීමට උත්සාහ දරයි.

චීනය ජපානයේ විශාලතම ආර්ථික සහකරු වන අතර, දෙරට එකිනෙකාට අත්‍යවශ්‍ය වන බවත්,  ආතතිය සමනය කර සාමය ගොඩනැගීමට දෙපාර්ශ්වයම උපරිමයෙන් කටයුතු කළ යුතු බවත් ඔකිනාවා හි ප්‍රාදේශීය මාධ්‍යයක් මෑතකදී ලිපියක් නිකුත් කරමින් කියා සිටියේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම