“ඉන්දීය සංචාරකයන්ට මෙරට ගනුදෙනුවල දී ඉන්දීය රුපියල භාවිත කළ හැකියි” – මහ බැංකු අධිපති
2023-04-27 14:01:52
Share with:

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට මෙරට ගනුදෙනුවල දී ඉන්දීය රුපියල භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියාසිටී.

ඉන්දීය වාණිජ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධාන කරන ලද “ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන” යන මැයෙන් පැවති විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දීය රුපියල්, මෙරට භාවිත කළ හැකි මුදල් ඒකකයක් බවට පත්කිරීම නිසා දෙරට අතර වෙළෙඳ බේරුම්කරණ කටයුතු පහසු වනු ඇතැයි ද වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් ගෙවීම් පද්ධතියක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළේය.

එහිදී විශේෂ දේශනයක් පවත්වමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා පැවසුවේ, දෙරට අතර අනාගත ආර්ථික සහයෝගිතාවට අදාළ අංශ මෙන්ම තොරතුරු තාක්ෂණය, සංචාරක සහ පුනර්ජනනීය බලශක්තිය  යන ක්‍ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම