ඊයේ (26) පස්වරුවේ යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි මහතාගේ ඉල්ලීම පරිදි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දුරකථන සංවාදයක නිරත විය. චීන යුක්රේන සබඳතා සහ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. චීන විදේශ අමාත්‍යාංශයේ යුරේසියානු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ ජුන් මහතා ඊයේ (26) රාජ්‍ය නායකයින් දෙදෙනා අතර ඇති වූ දුරකථන සංවාදය පිළිබඳව චීන සහ විදේශීය මාධ්‍ය දැනුවත් කළේය. මෙම දුරකථන ඇමතුම මගින් ජාත්‍යන්තර කටයුතුවලදී චීනයේ යථාර්ථවාදී දැනුම, සාධාරණ ස්ථාවරය සහ ප්‍රධාන රටක් ලෙස එහි වගකීම පෙන්නුම් කරන බව යූ ජුන් මහතා පැවසීය.
යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය සැමවිටම සාමයේ පැත්තේ සිට ඇති බවත්, අර්බුදය දේශපාලනිකව සමථයකට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටින, සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවර්ධකයෙක් බවත් යූ ජුන් මහතා පෙන්වා දුන්නේය.
රාජ්‍ය නායකයින් දෙදෙනා දුරකථන ඇමතුමේදී ඇති කරගත් එකඟතාවයට අනුව, යුරේසියානු කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත ලී හුයි මහතා යුක්රේනය සහ අනෙකුත් රටවල සංචාරය කිරීමට චීනය විසින් යවනු ඇති අතර, යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම පිළිබඳව සියලු පාර්ශ්ව සමඟ ගැඹුරු සන්නිවේදනයක් පැවැත්වීමට නියමිතයි. යුක්රේන අර්බුදයේ සාමකාමී දේශපාලන විසඳුමක් සඳහා චීනය විශාල වැදගත්කමක් ලබා දෙන බව මැදිහත් වීමට විශේෂ නියෝජිතයෙකු යැවීම මගින් පෙන්නුම් කර ඇත.