ආජන්ටිනාව චීන භාණ්ඩ ආනයනයේදී චීන රෙන්මින්බී මුදල් ඒකකය භාවිත කිරීමට පියවර ගනී
2023-04-27 10:15:39
Share with:

චීනයෙන් භාණ්ඩ ආනයන කිරීමේදී මුදල් ගෙවීම සඳහා චීන රෙන්මින්බී මුදල් ඒකකය භාවිත කරනු ඇති බව ආජන්ටිනාව ප්‍රකාශ කරයි.  

ඊයේ (26) මාධ්‍ය හමුවීමක් පවත්වා ආජන්ටිනාවේ ආර්ථීක අමාත්‍ය Sergio Massa මහතා මේ බව ප්‍රකාශ කළේය. චීනයෙන් ආනයන භාණ්ඩ මිළදී ගැනීමේදී ආජන්ටිනාව ඇමරිකානු ඩොලර් භාවිත කිරීම අහෝසි කරනු ඇති බවත් ඒ වෙනුවට චීන රෙන්මින්බී මුදල් ඒකකය භාවිත කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. ආජන්ටිනාව චීනය සමඟ ක්‍රියාත්මක කරන එම මුදල් ගනුදෙනු ගිවිසුම විදේශ විනිම සංචිතය තහවුරු කිරීමට ඉවහල් වේ. එමෙන්ම එය ද්විපාර්ශ්වික වෙළඳාම තහවුරු කිරීමට සහය ලබා දෙනු ඇතැයි ද හෙතෙම එහිදී අවධාරණය කළේය.

මේ වසරේ ජනවාරි මස, ආජන්ටිනා මහ බැංකුව ප්‍රකාශ කළේ ආජන්ටිනාව හා චීනය අතර මුදල් ගනුදෙනු ගිවිසුම නිල වශයෙන් ව්‍යාප්ත කෙරෙණු ඇති බවයි. ඒ මගින් ආජන්ටිනාව සතු චීන රෙන්මින්බී බිලියන 130ක මුදල් සංචිතය තහවුරු කෙරෙන අතර චීන රෙන්මින්බී බිලියන 35 ක් භාවිත කළ හැකි මුදල් දිරිමත් කළ හැකි බවද එහිදී සඳහන් කර ඇත. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම