චීනය හා ශාන්තිකර සාගරයේ දූපත් රටවල් අතර තුන්වැනි දේශපාලන පක්ෂ සංවාදය පවත්වයි
2023-04-27 10:44:52
Share with:

චීනය හා ශාන්තිකර සාගරයේ දූපත් රටවල් අතර තුන්වැනි දේශපාලන පක්ෂ සංවාදය පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන ලද එම සංවාදය ඊයේ(26) පැවැත්විණ. ටොංගා උප අග්‍රාමාත්‍ය අධිකරණ ඇමති Samiu Vaipulu මහතා ඇතුළු ශාන්තිකර සාගරයේ දූපත් රටවල දේශපාලන පක්ෂ නායකයෝ හා චීනයේ තානාපතිවරුන් ඊට සහභාගි වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඇමති Liu Jianchao මහතා එහිදී පැවසුවේ චීනය හා ශාන්තිකර සාගරයේ දූපත් රටවල්, අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සහය දැක්වීම, අධ්‍යයනය කිරීම, අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණය සහිත මනා නිදසුනක් බවට පත්ව තිබෙන බවයි. ශාන්තිකර සාගරයේ දූපත් රටවල දේශපාලන පක්ෂ නායකයන් සමග හුවමාරු හා සහයෝගිතා ගැඹුරු කිරීමෙන් පොදු ඉරණමක් සහිත චීන-ශාන්තිකර සාගරයේ දූපත් රටවල් ඒකකයේ සුන්දර අනාගතය බිහි කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

අඛණ්ඩව එකම චීනය ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමණය කරනු ඇතැයි ශාන්තිකර සාගරයේ දූපත් රටවල දේශපාලන පක්ෂ නායකයෝ එහිදී පැවසූහ. චීන කොමියුනිස්ට් පක්ෂය සමග හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කිරීම හා චීනයේ සාර්ථක අත්දැකීම් අධ්‍යයනය කිරීම මගින් චීනය සමග ඒකාබද්ධව පොදු ඉරණමක් සහිත මානවයන්ගේ ප්‍රජාව ගොඩනගන බව ඔවුන් අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම