චීන විදේශ ඇමතිවරයා හා මධ්‍යම ආසියානු රටවල් පහේ විදේශ ඇමතිවරු අතර සාකච්ඡා
2023-04-27 10:53:13
Share with:

චීන විදේශ ඇමතිවරයා හා මධ්‍යම ආසියානු රටවල් පහේ විදේශ ඇමතිවරු වෙන් වෙන්ව සාකච්ඡා පවත්වති. එම සාකච්ඡා ඊයේ (26) චීනයේ Xi’an නගරයේදී පැවැත්විණ.

මධ්‍යම ආසියානු ර‍ටවල් පහේ ස්ව ජාතික ස්වෛරීභාවය, ස්වාධීනත්වය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමටත්, තම රටට සුදුසු සංවර්ධන මාවතක් තෝරා ගැනීමටත් චීනය ස්ථීර ලෙස සහාය වන බව චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා එම සාකච්ඡාවලදී අවධාණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ෂැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලදී එම රටවල් පහ සමඟ හුවමාරු කිරීම චීනය ශක්තිමත් කරනු ඇති බව ද හෙතෙම කීය.

තම රට හා චීනය අතර සබඳතාව සංවර්ධනය කිරීම, ජාතික රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රමුඛත්වය බව මධ්‍යම ආසියානු රටවල් පහේ අමාත්‍යවරු සඳහන් කළහ. චීනයේ ජාත්‍යන්තර බලපෑම වැදගත් වන අතර, චීන අනන්‍යතාව සපිරි නවීකරණය මධ්‍යම ආසියාවට මෙන්ම ලෝකයට නව අවස්ථා ලබා දෙනු ඇතැයි ඔවුහු අදහස් දැක්වූහ.

ආර්ථික, වෙළඳ, හරිත කෘෂිකාර්මික, වෛද්‍ය, සම්පත් සහ පතල් ඇතුළු විවිධ සහයෝගිතා ගැඹුරු කිරීම එම සාකච්ඡාවල පුළුල් එකඟතාවකට පැමිණ ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම