න්‍යෂ්ටික පහසුකම් ක්‍රියා විරහිත කිරීමේ දී ජපාන පාර්ශ්වය නිසි වගකීමකින් ක්‍රියා කළ යුතු බව චීනය කියයි
2023-04-26 19:04:42
Share with:

න්‍යෂ්ටික පහසුකම් ක්‍රියා විරහිත කිරීම සහ න්‍යෂ්ටික අපජලය බැහැර කිරීමේ දී ජපාන පාර්ශ්වය නිසි වගකීමකින් ක්‍රියා කළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

ෆුකුෂිමා දූපතේ න්‍යෂ්ටික අනතුර ලොව ඉහළම මට්ටමේ න්‍යෂ්ටික අර්බුදයක් වන අතර, එමඟින් විකිරණශීලී ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් බැහැර වී ඇත.  සාගර පරිසරයට සහ මානව සෞඛ්‍යයට ඉන් විශාල බලපෑමක් සිදු ව ඇති බැවින්, ජපානය න්‍යෂ්ටික පහසුකම් ක්‍රියා විරහිත කිරීම සහ න්‍යෂ්ටික අපජලය බැහැර කිරීමේ දී වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බව Mao Ning මහත්මිය සඳහන් කළාය. ෆුකුෂිමා දූපතේ පළමුවැනි න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික පහසුකම් ක්‍රියා විරහිත කිරීම සහ විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණයේ විශාල අවිනිශ්චිතතාවක් සහ දැඩි ආරක්ෂක අවදානමක් පවතින බව ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම