ජපානයේ විදුලි බල සමාගම න්‍යෂ්ටික දූෂිත ජල අපවහන උමග කැණීම අවසන් කළ බව නිවේදනය කරයි
2023-04-26 10:02:14
Share with:

Fukushima න්‍යෂ්ටික බලාගාරයෙන් න්‍යෂ්ටික දූෂිත ජලය බැහැර කිරීම සඳහා ඉදිකරන ලද සබ්මැරීන් උමං මාර්ගයේ කැණීම් කටයුතු අවසන් කර ඇති බව ජපානයේ ටෝකියෝ විදුලි බල සමාගම පවසයි.

අදාළ අනෙකුත් වැඩකටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව එම සමාගම ඊයේ (25) වැනිදා ප්‍රකාශ කළේය. 

න්‍යෂ්ටික බලාගාරයේ සිට මුහුදට කිලෝමීටර 1ක් පමණ දිග මුහුදු උමං මාර්ගයක් ඉදිකර මෙම උමග හරහා න්‍යෂ්ටික දූෂිත ජලය පැසිෆික් සාගරයට මුදා හැරීමට ටෝකියෝ විදුලි බල සමාගම සැලසුම් කර ඇත. අදාළ මුදා හැරීමේ කටයුතු එළඹෙන ජූලි මස සිට ආරම්භ කරනු ඇතැයි ද ජපාන මාධ්‍ය අනාවැකි පළ කළහ. 

ජපානයේ න්‍යෂ්ටික දූෂිත අප ජලය මුහුදට මුදා හැරීමේ සැලසුම එළි දැක්වීමෙන් පසු ජගත් ප්‍රජාව කිහිප වතාවක් ඊට විරෝධය හා අවිශ්වාසය පළ කර ඇත.ඒකපාර්ශ්වික එම සැලසුම බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන ජපානය එම සැලසුම ක්‍රියාත්මක කළහොත් සාගර ජෛව පද්ධතියට හා පරිසරයට තර්ජනයක් එල්ල වනු ඇති බවට විශ්වාස කෙරේ. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම