තම රටේ අභ්‍යන්තර කටයුතුවලට බ්‍රිතාන්‍යය අනිසි බලපෑම් එල්ල නොකළ යුතු බව චීනය කියයි
2023-04-26 17:49:47
Share with:

තමරටේ අභ්‍යන්තර කටයුතුවලට බ්‍රිතාන්‍යය අනිසි බලපෑම් එල්ල නොකළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා ය.

බ්‍රිතාන්‍ය විදේශ ඇමති James Cleverly මහතා ඊයේ (25) විදේශ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය පිළිබඳ නිත්‍ය දේශනය පවත්වමින් චීනය පිළිබඳව අදහස් දැක්වීය. චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය කෙරෙහි තම රට කළ ප්‍රකාශ, චීනය අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් සේ සැලකිය නොයුතු බව ද ඔහු පැවසීය. තායිවාන ගැටළුව සාමකාමී ව විසඳා ගැනීමේ දී කිසිවෙකු ඒකපාර්ශ්වික අයුරින් ක්‍රියා නොකළ යුතු බව ද බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව පැවසුවේ තායිවානය, හොංකොං විශේෂ පරිපාලන කලාපය හා ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය හා සම්බන්ධ ගැටළු චීනයේ අභ්‍යන්තර කටයුතු වන බවයි. ඕනෑ ම පාර්ශ්වයක අනිසි බලපෑම්වලට ඉඩතැබිය නොහැකිය. බ්‍රිතාන්‍යය නිසි පරිදි ක්‍රියා කර, චීනයට පදනම් විරහිත ව  චෝදනා නැගීම නතර කළ යුතු ය. දෙරට සබඳතාව ප්‍රශස්ත ලෙස වර්ධනය කරන ලෙසත්, ලෝක සාමයට හිතකර අයුරින් ක්‍රියා කරන ලෙසත් චීනය බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටින බව ද Mao Ning මහත්මිය කියාසිටියාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම