සුඩානයේ තත්ත්වය කෙරෙහි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි සමාලෝචනයක්
2023-04-26 10:17:34
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සුඩානයේ තත්ත්වය කෙරෙහි හදිසි සමාලෝචනයක් සිදු කරයි.

සුඩානයේ ගැටුම වහාම අවසන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඊයේ (25) එහිදී යළි අවධාරණය කළේය. එම ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් කෙරෙහි අවශ්‍ය පියවර ගෙන තත්ත්වයේ ආතතිය අඩු කරන ලෙසට හෙතෙම කවුන්සිලයේ සාමාජිකයන් හා කලාපීය රටවලින් ඉල්ලා සිටියේය.

සුඩානයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට චීනය ස්ථීර ලෙස සහය වන අතර, සුඩානය සාමකාමී හා සංවර්ධන මාවතට නැවත පැමිණීම චීනයේ අපේක්ෂාව බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා පැවසීය. සුඩානයේ ස්වෛරීභාවයට සහ එරටට සුදුසු ප්‍රතිපත්තිවලට ජාත්‍යන්තර ප්‍රජාව ගරු කළ යුතු බවත්, බාහිරින් බලහත්කාරයෙන් පැනවූ විසඳුමක් හා කාලසටහනක් ප්‍රතිපලදායක විය හැකි බව ද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම