කෘෂිකාර්මික සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ චීන-ආසියාන් සහයෝගිතා වර්ෂයේ සමාරම්භක උළෙලට චීන අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම්
2023-04-26 10:19:14
Share with:

කෘෂිකාර්මික සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ චීන-ආසියාන් සහයෝගිතා වර්ෂයේ සමාරම්භක උත්සවයට චීන අග්‍රාමාත්‍යවරයා ඊයේ(25) සුබ පැතුම් පණිවුඩයක් එක් කළේය. එහි දී අග්‍රාමාත්‍ය Li Qiang මහතා පැවසුවේ, පොදු ඉරණමක් සහිත වඩාත් සමීප චීන-ආසියාන් සංගම ඒකකයක් ගොඩනැගීමට සහ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හරහා පොදු සංවර්ධනය ඉදිරිපත් කිරීමේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යෝජනාවේ 10 වැනි සංවත්සරය මෙම වසරට සමගාමීව යෙදෙන බවයි.

කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාවය, සාමය හා ස්ථාවරත්වය, සංවර්ධනය හා සමෘද්ධියේ පදනම වන බවත්, චීන-ආසියාන් සංගම් සහයෝගීතාවයන්හි වැදගත් ක්ෂේත්‍ර  ද වේ.

ආසියාන් සංගමයේ රටවල් සමග කෘෂිකාර්මික හරිත සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, ග්‍රාමීය ප්‍රදේශ පුනර්ජීවනය, ස්මාර්ට් කෘෂිකර්මාන්තය හා ඩිජිටල් ගම්මාන ඇතුළු වැදගත් ක්ෂේත්‍රවල සහයෝගිතා ගැඹුරු කිරීමට චීනය බලාපොරොත්තු වේ. එමෙන්ම චීන-ආසියාන් සංගම් පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ශක්තිමත් කිරීම හා තහවුරු කිරීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම