ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට
2023-04-26 14:03:38
Share with:

ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වේ. ඒ අනුව, ආහාර උද්ධමනය වැඩිම රටවල් දහයේ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇත.

ආහාර උද්ධමනය ඉහළ ගිය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ පසුවිය. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව මෙරට ආහාර උද්ධමනය 47.6% කි.

ආහාර උද්ධමනය 261% ක් වන ලෙබනනය ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර පළමු ස්ථානයේ පසුවෙයි. දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ එම ප්‍රතිශතය 137% කි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම