චීන ජනපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා ලේකම් කාර්යාලයේ නිත්‍ය ලේකම්වරිය අතර හමුවක්
2023-04-26 17:48:20
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා, වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකා, මධ්‍යම කාරක සභා ලේකම් කාර්යාලයේ නිත්‍ය ලේකම් සහ එම සභාවේ සංවිධාන දෙපාර්තමේන්තු ඇමතිනි Trương Thị Mai මහත්මිය හමුවෙයි. එම හමුව බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී අද(26) සිදු විය.

ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේ, චීනය හා වියට්නාමය අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කිරීමේ 15 වැනි සංවත්සරය මේ වසරේ යෙදෙන බවයි. පසුගිය වසරේ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyễn Phú Trọng මහතා චීන නිල සංචාරයේ නිරත වීමෙන් පසු, තමා සහ මහාලේකම්වරයා සමග එළඹුණු එකඟතා සහ දෙරට එක්ව පළකළ ඒකාබද්ධ නිවේදනයේ ජීවගුණය දෙපාර්ශ්වය ඉහළින් සලකන බව ද ජනාධිපතිවරයා පැවසීය. Nguyễn Phú Trọng මහතා සමග සමීප සම්බන්ධතා පවත්වා ගනිමින්, චීන-වියට්නාම සබඳතාව සඳහා දේශපාලනික මාර්ගෝපදේශ හා උපායමාර්ගික නායකත්වය ලබා දීම සිය අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා කියා සිටී.

චීනය පිළිබඳ මිත්‍රශීලී සහයෝගිතා තහවුරු කිරීම තම රටේ රාජ්‍යතාන්ත්‍රික භාවය තුළ ප්‍රමුඛස්ථානය ගන්නා බව Trương Thị Mai මහත්මිය පවසයි. වියට්නාමය එකම චීනය යන මූලධර්මයේ රැඳී සිටී. ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කෙරුණු වැදගත් ගෝලීය මුලපිරුම් වලට ස්ථිර සහායක් දක්වන බවත්,  ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ පිළිබඳ තෙවැනි ජාත්‍යන්තර සහයෝගිතා සමුළුව පැවැත්වීමට සහයෝගය ලබා දෙන බවත් ඇය මෙහිදී කියාසිටියාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම