චීනය පරිත්‍යාග කළ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය ශ්‍රී ලංකාවට නිල වශයෙන් පිරිනැමේ
2023-04-26 15:35:26
Share with:

චීන මහජන සමූහාණ්ඩුවෙන් මෙරටට පරිත්‍යාග කළ කොළඹ ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය  ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර කෙරේ. එම උත්සවය ඊයේ (25) පැවැත්විණ.

 ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙංහොන් මහතා විසින් එය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාර දීම නව රෝහල් සංකීර්ණයේ දී සිදුකෙරිණ. මීට අදාළ ගිවිසුම් ලේඛන මෙන්ම  ඉකුත් වසරේ චීන රජයෙන් මෙරටට ප්‍රදානය කෙරුණු ඖෂධ සහ වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපිගොනු ද මෙහිදී හුවමාරු කරගනු ලැබීය.

කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 80 කි. ඖෂධාගාරය, හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ විද්‍යා ඒකකය සහ රසායනාගාර මෙන්ම සායනික සේවා රැසක් මෙහි ස්ථාපනය කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ,  අපගේ සමීප මිතුරකු වන චීනය ලබාදුන් මේ වටිනා සහයෝගය පිළිබඳව චීන සමූහාණ්ඩුවට සහ චීන ජනතාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘතඥතාව පිරිනමන බවයි. ශ්‍රී ලංකාවට  සහායක් අවශ්‍ය වන සෑම අවස්ථාවකම චීන රජය එම සහයෝගය ලබාදෙන බව ද හෙතෙම පැවසීය. මෙම ව්‍යාපෘතියේ දී චීන තානාපතිවරයා දැක්වූ දායකත්වය ද අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.  කොවිඩ් වසංගත සමයේ දී චීනය ලබාදුන් සහයෝගය ද ඔහු සිහිපත් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම