සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් බේරාගැනෙති
2023-04-26 14:08:22
Share with:

සුඩානයේ ගැටුම් හේතුවෙන් සිර ව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිරුපද්‍රිතව බේරාගැනුණු බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක මේ බව දැක්වේ.

සුඩානයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකුගේ තොරතුරු ලැබුණු බවත්, ඉන් 13 දෙනෙකු බේරාගත් බවත් අමාත්‍යවරයා පවසා ඇත. සෙසු පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කරන බව ද අලි සබ්රි මහතා දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම