වයස්ගත ජනගහනය සහිත බොහෝ රටවල් සංක්‍රමණිකයන් මත යැපෙන ප්‍රවණතාවක් ඇති බව ලෝක බැංකු වාර්තාවක් හෙළි කරයි
2023-04-26 10:58:13
Share with:

වියපත් ජනගහණය හමුවේ සංක්‍රමණිකයන් මත යැපෙන ප්‍රවණතාවක් බොහෝ රටවල මතු ව ඇතැයි ලෝක බැංකු වාර්තාවක් පවසයි.

‍ලෝක බැංකුව ඊයේ (25) නිකුත් කළ වාර්තාවකට අනුව ‍ගෝලීය ජනගහණය පෙර නොවූ විරූ වේගයකින් වියපත් වෙමින් පවතී. එම තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් සිය දිගුකාලීන ආර්ථික වර්ධන විභවය සඳහා සංක්‍රමණිකයන් මත රඳා පවතින ප්‍රවණතාවක් හටගෙන තිබේ. ධනවත් හා බොහෝ මධ්‍ය ආදායම්ලාභී රටවල් ජනගහණය අඩු වන ගැටළුවට මුහුණ දී සිටී. එයින් ශ්‍රමිකයන් හා ප්‍රවීණයන් පිළිබඳ ගෝලීය ඉල්ලුම ඉහළ ගොස් ඇත. ඒ අතර බහුතර අඩු ආදායම්ලාභී රටවල ජනගහණය සීග්‍රයෙන් වර්ධනය වන හෙයින් තරුණයන් වෙනුවෙන් වැඩියෙන් රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ ගැටළුවට එම රටවල් මුහුණ දී සිටින බව එම වාර්තාව සඳහන් කරයි.

ඉදිරි දශක කිහිපයේ බොහෝ රටවල වැඩ කරන වයසේ සිටින වැඩිහිටියන් අනුපාතය විශාල වශයෙන් පහත වැටෙනු ඇති බව ද ලෝක බැංකු වාර්තාව පුරෝකථනය කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම