නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට අමාත්‍ය අනුකමිටුවක්
2023-04-25 14:17:41
Share with:

ඉදිරි වසර 25 සඳහා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතව එම අනුකමිටුව පත්කිරීමට නියමිතය. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.

රටේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීමේ ක්‍රියාවලියේ දී කඩිනම් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධාන අංශයක් ලෙස රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුනාගෙන ඇත. ඒ අනුව අදාළ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම