පෙරපාසල් දිවා ආහාරයට ප්‍රංශ රජයේ සහය
2023-04-25 16:07:12
Share with:

පෙරපාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන සඳහා යුනිසෙෆ් ආයතනය මගින් ඍජු දායකත්වයක් සැපයීමට ප්‍රංශ රජය එකඟතාව පළකරයි.

මෙරට ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් මහතා සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අතර ඊයේ (24) පැවති හමුවක දී මේ බව ප්‍රකාශ කර ඇත.

වතුකරයේ වැඩ කරන පිරිමින්ට සාපේක්ෂව කාන්තා වැටුප අඩු අගයක් ගැනීම, සහ කාන්තාව සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අමාත්‍යවරිය ප්‍රංශ තානාපතිවරයා මෙහිදී දැනුවත් කළා ය.

ප්‍රංශ තානාපතිවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්  පැවත්වීමට ද මෙහිදී තීරණය විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම