ආසියා සංස්කෘතික උරුම සංරක්ෂණ සන්ධානයේ සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-04-25 11:01:29
Share with:

චීන ජනාධිපතිවරයා ආසියා සංස්කෘතික උරුම සංරක්ෂණ සන්ධානයේ සම්මේලනය වෙත සුභ පැතුම් පණිවුඩයක් පිරිනමයි.

චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය, ජාතික පුරාවස්තු දෙපාර්තමේන්තුව හා Shanxi පළාත් ආණ්ඩුව ඒකාබද්ධව සංවිධාන කරන ලද ආසියා සංස්කෘතික උරුම සංරක්ෂණ සන්ධානයේ සම්මේලනය අද(25) Xi’an නගරයේ ආරම්භ විය.

ආසියා සංස්කෘතික උරුම සංරක්ෂණ සන්ධානය ගොඩනැගීමෙන් ආසියා සංස්කෘතික උරුම ආරක්ෂාව ශක්තිමත් වනු ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(25) යොමු කරන ලද සුභ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දී තිබේ. එය ආසියා ශිෂ්ටාචාර හුවමාරු ගැඹුරු කිරීම හා ලෝක ශිෂ්ටාචාර සමෘද්ධිමත් කිරීමට උපකාරී වන අතර ඉන් මානව ශිෂ්ටාචාර ප්‍රගතියට කැප විය හැකි ය. එම සන්ධානයේ රාමුව යටතේ ආසියාවේ විවිධ රටවල් සමග සංස්කෘතික උරුම සංරක්ෂණ අත්දැකීම් හුවමාරු කිරීම, සංස්කෘතික උරුම ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම, ගෝලීය ශිෂ්ටාචාර සංවාද සහයෝගිතා ජාලය ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටී. එමගින් විවිධ රටවල ජනතාවගේ අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කරමින් මානව ශිෂ්ටාචාර වර්ධනය ප්‍රවර්ධනය කෙරෙනු ඇතැයි ෂී ජින් පිං මහතා සිය පණිවුඩයෙන් කියා සිටී.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම