අප්‍රේල් 29 වැනිදා සිට චීනයට පැමිණෙන්නන් ප්‍රතිදේහ පරීක්ෂණයක් කළ යුතුයි
2023-04-25 17:38:58
Share with:

අප්‍රේල් 29 වැනිදා සිට චීනයට පැමිණෙන්නන් යානයට ගොඩවීමට පෙර පැය 48 ක් ඇතුළත ප්‍රතිදේහ පරීක්ෂණයක් කළ යුතු බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී කියා සිටියේ , අප්‍රේල් 29 වැනිදා සිට, චීනයට පැමිණෙන සියලුම දෙනා යානයට ගොඩවීමට පැය 48 කට පෙර, පීසීආර් පරීක්ෂණය වෙනුවට ප්‍රතිදේහ හඳුනාගැනීමේ පරීක්ෂණයක් කළ යුතු බවයි.  ගුවන් සමාගම් යානයට ගොඩවීමට පෙර පරීක්ෂාවක් සිදුනොකරනු ඇත. චීනයෙන් පිටවන සහ ඇතුළුවන පුද්ගලයන් සංචාරය කිරීමට පෙර ස්වයං-සෞඛ්‍ය කළමනාකරණය සහ අධීක්ෂණය පිළිබඳව මනා අවධානයක් දැක්විය යුතුය. එසේම, වසංගත වැළැක්වීම පිළිබඳ චීනයේ සහ ප්‍රාදේශීය අවශ්‍යතා දැඩි ලෙස පිළිපැදිය යුතුය. වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීනය සිය ප්‍රශස්ත වසංගත පාලන ප්‍රතිපත්ති තුළින් චීන සහ විදේශීය පුද්ගලයන් අතර ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රමවත් හුවමාරුව වඩා හොඳින් සහතික කරනු ඇතැයි ද Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම